මෙරට උසස් අධ්‍යාපනයේ නිරත සිසුන් වෙනුවෙන් රජය විසින් ලබා දුන් පොලී රහිත ණය පහසුකම පසුගිය කාලයේ අත්හිටවා තිබුණත් නැවත එම ණය ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේ දි පැවසීය.
පසුගිය වසර 2ක කාලය තුළ එම ණය ලබා දීම නතර කර තිබූ නිසා විශාල සිසුන් පිරිසකට අසාධාරණයක් සිදු වූ බවත් නැවතත් තමාගේ ඉල්ලීම සලකා බලා එම ණය ලබා දීමට ගත් තීන්දුව අගය කරන බවත් එබැවින් කඩිනමින් ඊට අදාළ ගැසට්ටුව නිකුත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සභානායකවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.