ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ ලේකම් පන්කජ් ජේන් සහ සීමාසහිත ඉන්දියන් ඔයිල් කෝපරේෂන් හි සභාපති ශිර්කාන්ත් මාධව් වයිධ්යා අද (24) හදිසියේම කොළඹට පැමිනීමට නියමිත බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා පැමිණෙන්නේ ඉතාම කෙටි සංචාරක් සඳහා යැයිද පැවසේ.
ඔවුන් මෙහෙදී පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වන බවත් අනතුරුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැරඹීමට සහභාගී වන බවත් වාර්තා වේ
ඉන්දීය රජය විසින් පාලනය කරනු ලබන Fortune ‘Global 500’ සමාගමක් වන IndianOil Corporation, Lanka IOC PLC හි මව් සමාගම වේ.
ඉන්දියන් ඔයිල් කෝපරේෂන් හි මෙහෙයුම් අධීක්ෂණය කරනු ලබන්නේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් අමාත්‍යාංශය විසිනි.
පසුගිය වසරේ මුල් භාගයේදී, Lanka IOC PLC සහ ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබන Ceylon Petroleum Corporation විසින් ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් සීමාසහිත ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් නමින් හවුල් ව්‍යාපාරයක් පිහිටුවන ලදී.
ලංකා IOC සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් සමඟින් සිය ජාලය පුළුල් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ අනුමැතියද පසුගියදා ලැබිණි.