Home Local News Room : වසර ගණනාවක් යනතුරු අපිට මේ ණය වෙගවන්න වෙනවා –...

News Room : වසර ගණනාවක් යනතුරු අපිට මේ ණය වෙගවන්න වෙනවා – මහ බැංකු අධිපති – Lanka Truth | සිංහල

7
0

මේ වනවිට ලංකාවට ගෙවීමට ඇති විදේශ ණය දීර්ඝ කාලයක් ගෙවීමට සිදුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිදු කළ පැහැදිලි කිරීමක් අතරතුරුය.

එහිදී ඔහු පවසන්නේ, “දැනට අපට බිලියන 50ක් වසර දහයෙන් ගෙවීමට තිබෙනවා නම් අපි කියනවා ඊට අවුරුදු විස්සක, තිහක හෝ ඊට වැඩි කාලයක් ලබා දෙන ලෙස. වසරකට ගෙවීමට ඇති විදේශ ණය වාරිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කට වඩා අපට ගෙවීමට හැකියාවක් නැහැ. ඒ අනුව එම ගණනට අඩු කර දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඉතිරිය දීර්ඝ කාලීනව ගෙවීම සඳහා තමයි දැන් සාකච්ඡා පවත්වන්නේ” යනුවෙනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ,

“අපට මේ තිබෙන ආකාරයට ණය ගෙවීමට නොහැකි නිසා අපට ණය ලබා දුන් වාණිජ ආයතන, පුද්ගලික අංශ සහ ඒ ඒ රජයයන් ගෙන් අප ඉල්ලා සිටිනවා අපට මේ සඳහා සහනයක් ලබා දෙන ලෙස.

එම ක්‍රියාවලියේ පළමු පියවර තමයි ණය හිමියන් ලබාදුන් මූල්‍ය සහතිකය. අපේ ණය තිරසාර කිරීම සඳහා අවශ්‍ය ඉලක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලේඛනයේ තිබෙනවා. ඒ තිරසාර මට්ටමට ළඟා කර ගැනීම වෙනුවෙන් ඒ ඒ රටවල් සහයෝගය දෙන බවට සහතිකයක් දී තිබෙනවා. ඊළඟ පියවර වන්නේ ඒ සහතිකය අනුව සාකච්ඡා කර අපට වසරකට බිලියන 06 බැගින් ගෙවීමට තිබෙන ණය මේ කාලයේ ගෙවිය නොහැකියි. නමුත් යම්කිසි සහනයක් ඇතිව දීර්ඝ කාලීනව ගෙවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමයි.

මෙතන තිබෙන්නේ අප නැවත ණය ගන්නේවත් ගෙවන්නේවත් නෑ කියන කාරණය නොවෙයි. ණයක් ලබා ගත් විට එය ගෙවීමට අපට වගකීමක් තිබෙනවා. එසේ නොවුනහොත් නැවත කිසිවෙක් ණය ලබා දෙන්නේ නැහැ. මෙහිදී සිදු වන්නේ ණය ගෙවීමට අපට හැකියාවක් නොමැති නිසා ගෙවීම පැහැර හැරීම වෙනුවට සහන ක්‍රමයකට ගෙවීමට අවස්ථාවක් දෙන්න කියා ඉල්ලා සිටිමයි.

උදාහරණයක් ලෙස දැනට අපට බිලියන 50ක් වසර දහයෙන් ගෙවීමට තිබෙනවා නම් අපි කියනවා ඊට අවුරුදු විස්සක, තිහක හෝ ඊට වැඩි කාලයක් ලබා දෙන ලෙස. වසරකට ගෙවීමට ඇති විදේශ ණය වාරිකය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කට වඩා අපට ගෙවීමට හැකියාවක් නැහැ. ඒ අනුව එම ගණනට අඩු කර දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඉතිරිය දීර්ඝ කාලීනව ගෙවීම සඳහා තමයි දැන් සාකච්ඡා පවත්වන්නේ” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here