Home Local News Room : ‌රතිඤ්ඤා පත්තු කර දවස් 3යි! ඩොලරය අද රුපියල් 3කින්...

News Room : ‌රතිඤ්ඤා පත්තු කර දවස් 3යි! ඩොලරය අද රුපියල් 3කින් ගණන් උස්සයි!

5
0

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව වෙනස්වීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද දිනයේ ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතයන් අනුව කොමර්ෂල් බැංකුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ලෙස රු. 314.16ක් ලෙස සහ විකිණුම් මිල ලෙස රු. 332.50ක් ලෙස සටහන්ව තිබෙනවා. 

කෙසේ වුවද ඊයේ දිනයේදී කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 311.69ක් ලෙසත් විකිණුම් මිල රු.330ක් ලෙස සටහන්වුවා.

මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද රු. 313.52ක් වන අතර විකිණුම් මිල රු. 336.09ක් ලෙස සටහන්ව තිබෙනවා. ඊයේ දිනයේදී එම බැංකුවේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 310.62ක් වූ අතර විකිණුම් මිල සටහන්ව වුයේ රු. 332.99ක් ලෙසයි.

අද දිනයේදී ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 314ක් වන අතර විකිණුම් මිල රු.332.54ක් ලෙස සටහන් වනවා. ඊයේ දිනයේදී ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.311ක් වූ අතර විකිණුම් මිල රු.329.54ක් ලෙස සටහන්ව තිබුණා.

මේ අතර අද දිනයේදී සම්පත් බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.315ක් ලෙසත් විකිණුම් මිල රු. 330ක් ලෙස සටහන් වනවා. ඊයේ දිනයේදී ඔවුන් ඩොලරයක් සඳහා වූ ගැනුම් මිල රු. 310ක් ලෙසත් විකිණුම් මිල රු. 325ක් ලෙස සදහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here