NAITA ආයතනය යටතේ පවතින කටුනායන ඉංජිනේරු තාක්ෂණ ආයතනය විසින් මීට පෙර කිසිදු අය කිරීමකින් තොරව ඉංජිනේරුවන් බිහි කිරීමේ පාඨමාලා රැසක් ක්‍රියාත්මක කළත් මේ වන විට රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් අය කිරීමට නියමිත බවත් මෙය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන මරු පහරක් බැවින් මෙය නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර 35ක් පුරා ඉංජිනේරුවන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් දැයට දායාද කළ මේ ආයතනය කිසිදු අවස්ථාවක පාඩු ලබන ආයතනයක් නොවන බැවින් මෙවැනි මුදල් අය කිරීම් සුදුසු නොවන බව විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.