Home Local News Room : මහවැස්සේ කුඩයක් ඉහළන් අම්මව හොයාගෙන ගිය අවුරුදු දහයක අයියයි...

News Room : මහවැස්සේ කුඩයක් ඉහළන් අම්මව හොයාගෙන ගිය අවුරුදු දහයක අයියයි අවුරුදු 7ක නංගියි එකපාරටම ආ වතුර පාරකට හසුව මියයයි!

3
0

හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට ගිය අයියා නගෝ දෙදෙනකු ඊයේ (23) පස්වරුවේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .

මෙසේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් ව ඇත්තේ හාලිඇල බෝගොඩ කොකටියමලුව ප්රවදේශයේ පදිංචිව සිටි බෝගොඩ මහ විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබන බෝදිපක්ශලාගේ යසිදු (10) සහ 2 ශ්රේ ණියේ ඉගෙනුම ලබන රශ්මි නිතීකා (7) යන අයියා නගෝ දෙදෙනා බවද පොලිසිය කීය .

ඊයේ (23) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මොවුන් දෙදෙනා නිවසේ සිට පිහිල්ලේ කදුරට එගොඩගොඩේ නිවසක සිටි මව සොයා ගොස් ඇතැයි පොලිසිය පැවසීය .

දෙදෙනා පිහිල්ලේ දිය කදුරට.බැස එගොඩවීමට ගිය අවස්ථාවේ එක්වරම ගලා ආ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය .

සැඩපහරේ ගසාගෙන ගිය දරුවන් දෙදෙනා ගම්මානයේ ගම්වාසීහු සොයා බැලීමේදී ඔවුන් දෙදෙනා සැඩදියපහරකට හසුවූ ස්ථානයේ සිටි මීටර් 100ක පමණ දුරකින් දියකදුරේ අයිනේරැදී තිබූ කුඩයක්, සරමක්, සෙරෙප්පු යුගලක් හමුවූ බව පොලිසිය පවසයි .

මෙම සිගිති දරුවන් දෙදෙනා මව සමඟ නිවසේ සිට ඇති අතර පියා කොළඹ ප්‍රෙද්ශයේ රැකියාවක් කරන බවද පොලිසිය පැවසීය .

සැඩපහරේ ගසාගෙන ගිය සිගිති දරුවන් දෙදෙනා සෙවීමේ කටයුතු මේ වනවිටත් හාලිඇල පොලිසියේ නිලධාරීන් ගම්වාසීන් එක්වී ආරම්භ කර ඇති බවත්  උසස් පොලිස් නිළධාරියක් කීය .

පවතින වර්ෂාවත් සමඟ පිහිල්ලේ දිය කදුරේ ජල පහර වැඩිහෙයින් අදුරේ සෙවීමේ.කටයුතු සිදු කිරිම අපහසු.බවද සදහන් කළේය .

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල ,පොලිස් අධිකාරි පී එම් ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here