ඉන්ධන මිල සූත්රය හොඳ දෙයක් බවත් එමගින් අඛණ්ඩ ඉන්ධන සැපයීම සහතික කර ගැනීමට හැකිවූ බවත් විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.
මිල සූත්රය හරහා පිරිවැය ආවරණය කර ගැනීමටද හැකිවූ බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පවසයි.
රජයේ ආයතන ප්රතිව්යුහගත කරණය කිරීම කළ යුතු බවත් ඒ සඳහා හොඳම උදාහරණය ත්රිකුණාමලය තෙල් ටැංකි බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම තෙල් ටැංකිවලින් ඉන්දීය තෙල් සමාගම ලාභ ලබන බවත් රජයට අයිති තෙල් ටැංකි භාවිතයට නොගන්නා බවත් ඔහු පවසයි.






