මානව අයිතිවාසිකම් ගැන කතා කිරීමට සූට්කේස් වල ෆයිල් පුරවාගෙන ජිනීවා ගිය සමහරුන් සිටිය බව ඇතමුන්ට අද අමතක වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් තානාපතිවරු හමුවූයේ රට වෙනුවෙන් සහ රටේ ප්රගමනය වෙනුවෙන් බවද,ඊට සමගි ජන බලවේගයේ,සමගි ජන සන්ධානයේ මෙන්ම පොහොට්ටුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණ අද ස්වාධීන වී සිටින ඇතැම් පිරිස ද සහභාගි වූ බව පැවසීය.
රටට ලැබෙන්නට ඇති ආධාර උපකාර වැළැක්වීමට තමන් කිසි විටෙක කටයුතු කර නැති බව පැවසූ විපක්ෂ නායකතුමා,රටේ ප්රජාතන්ත්රවාදය අධිකරණය අධිකරණයේ ස්වාධීනත්වය සහ නිසි කලට මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය මුල්කරගනිමින් සමස්ත රට වැසියන් වෙනුවෙන් තානාපතිවරු දැනුවත් කිරීමේ අයිතිය තමන්ට ඇති බව ද පැවසීය.
ප්‍රසන්න රණතුංග කරපු චෝදනාව!