Home Local News Room : ලංකාවේ සතුට ඉන්දියාවට උඩින්: ෆින්ලන්තය එකට

News Room : ලංකාවේ සතුට ඉන්දියාවට උඩින්: ෆින්ලන්තය එකට

0
0

මෙවර ද ලොව සතුටින් ම සිටින රටවල් ලැයිස්තුවේ මුල් තැන හිමිකර ගැනීමට ෆින්ලන්තයට හැකි වී තිබේ.

ෆින්ලන්තය ලෝකයේ සතුටු දර්ශකයේ මුල් තැන වසර හයක් තිස්සේ දිගට ම ආරක්‍ෂා කර ගෙන ඇත.

දෙවන හා තෙවන තැන් ඩෙන්මාර්කයට සහ අයිස්ලන්තයට හිමිව ඇත.

ලොව සතුටු දර්ශකයේ හතර වන ස්ථානය ඊශ්‍රායලය ද, පස් වන තැන නෙදර්ලන්තය ද, 6, 7, 8 යන ස්ථාන පිළිවෙළින් ස්වීඩන්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය ද හිමි කර ගෙන තිබේ.

දහ වන තැන නවසීලන්තය හිමි කර ගෙන ඇත. ඔස්ට්‍රියාව 11 වන තැන හිමි කර ගනිද්දී ඔස්ට්‍රේලියාව සහ කැනඩාව 12 සහ 13 වන ස්ථාන හිමි කර ගෙන ඇත. අමෙරිකාව 15 වන තැනට පත්ව තිබේ. බ්‍රිතාන්‍යයට හිමිව ඇත්තේ 19 වන ස්ථානය යි.

මෙම 2023 වසරේ ලොව සතුටු දර්ශක 112 වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

මේ සඳහා සලකා බලා ඇති රටවල් 137න් ඉන්දියාවට හිමිවී ඇත්තේ 126 වන ස්ථානයයි. පකිස්තානය, නේපාලය, චීනය, බංග්ලාදේශය මෙන් ම ශ්‍රී ලංකාව ද ඉන්දියාවට වඩා ඉහළින් සිටී. අවසානයට ම එනම් 137 වන ස්ථානයේ පසු වන්නේ ඇෆ්ඝනිස්තානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here