මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සළකුණු කිරීමට නියම කර ඇති දිනවල එම ඡන්දය නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
ඒ අනුව මාර්තු 28, 29, 30, 31 හා අප්‍රේල් 03 යන දිනවලදී සිදුකිරීමට සැලසුම් කර තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු එදින සිදු නොකෙරෙනු ඇත.
මීට අමතරව පළාත් පාලන ඡන්දය සහ ඊට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරි කාලයේ තීරණයකට එළඹෙනු ඇති බවද කොමිසම නිවේදනය කරයි.






