තාත්තා බූරුවා ගසා පරාද වී ළමයින්ට කෑම නැති මොහොතක මව නිවෙස උකස් කොට කෑම රැගෙන ආ අවස්ථාවේදී ළමයි සතුටට රතිඤ්ඤා පත්තු කළා හා සමාන සිදුවීමක් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම තුළද සිදුව ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
එමෙන්ම එදා ජනාධිපතිවරයා මහින්දලාට ‘කව්ද හොරා’ කියමින් කෑ ගැසූ බවත්, එදා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා රනිල්ට ‘මහබැංකු හොරා’ යනුවෙන් කෑ ගැසූ බවත් පෙන්වා දුන් මරික්කාර් මහතා අද ඒ දොගොල්ලම එකතු වී සිටින බවද කියා සිටියේය.