පක්ෂ ලේකම්වරු කැඳවා මැතිවරණ කොමිසමේ අද පැවති සාකච්ඡාවේදී දින නියමයක් නොමැතිව පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ අනුමැතිය ලබා ගැනීමට මැතිවරණ කොමිසම සූදානම් වූ බවත් ඊට විරුද්ධ වූ බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, නීතීඥ සුනිල් වටගල අනාවරණය කළේය.
මැතිවරණ කොමිසමේ පැහැදිලි කිරීම් අනුව, ඡන්දය පැවැත්වීමට ඉඩ නොදී කඩාකප්පල් කාරී කටයු සිදු කරන්නේ ජනාධිපතිවරයාගේත් කැබිනට් මණ්ඩලයේත් සෘජු මැදිහත්වීම මත බව අනාවරණය වූ බවත් ලබන 25 වනදා ඡන්දය පැවැත්වීමට අදාලව නඩු තීන්දුවක් පවතින බවත් නීතීඥ සුනිල් වටගල අවධාරණය කළේය.
එම අධිකරණ නියෝගය අනුව මුදල් අමාත්‍යාංශ ලේකම් කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුට එරෙහිව අපහාස නඩුවක් ගොනු කර ඇති බවත් අධිකරණයේ වාද විවාද පැවැත්වෙමින් ඇති මොහොතක දින නියමයක් නොමැතිව ඡන්දය කල් දැමීම කළ නොහැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
පක්ෂ ලේකම්වරු සමග මැතිවණ කොමිසම පැවැත්වූ සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහද එක්වී සිටියහ.






