Home Local News Room : IMF ණය, අයවැය යෝජනා වෙනුවෙන් භාවිත කළ හැකියි –...

News Room : IMF ණය, අයවැය යෝජනා වෙනුවෙන් භාවිත කළ හැකියි – ශෙහාන් සේමසිංහ – Lanka Truth | සිංහල

3
0

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම භාවිත කළ හැකි බව මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පවසයි.

අවුරුදු 04ක කාලසීමාව තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළින් ඉවතට යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් මෙම විශ්වාසවන්ත බව විනිවිදභාවය ආරක්ෂා කළ යුතු බවත් රාජ්‍ය ඇමති සඳහන් කරයි.

අයවැය පවත්වාගෙන යනවිට ඒ සඳහා සහයෝගය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් අනුමත කරන ලද මුදල් භාවිත කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණයට අයවැය මගින් වෙන් කළ මුදල්, මුදල් නැතැයි පවසමින් නිදහස් නොකර සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ පරිදි ඔවුන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිවිටෙකත් නිදේශ කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here