Home Local News Room : සිරකරුවෝ සත්තු නෙවෙයි – මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් – Lanka...

News Room : සිරකරුවෝ සත්තු නෙවෙයි – මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් – Lanka Truth | සිංහල

8
0

සිරකරුවන් යනු සතුන් පිරිසක් නොවන බවත් ඔවුන් හරක් රෑනක් මෙන් දම්වැල් දමාගෙන රැගෙනයාම වහාම නතර කළ යුතු බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (21) ප්‍රකාශ කර තිබේ.

“‘සිරකරුවෝද මනුශ්‍යයෝය’ යනුවෙන් නමට පමණක් බෝඩ් ගසාගෙන සිටියාට වැඩක් නැහැ. හරක් රෑනක් වගේ රංචු පිටින් සැකකරුවෝ එකම දම් වැලක ගැටගසා මින්පසු අධිකරණයට ඉදිරිපත් කරන්න එපා” යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එහිදී බන්ධනාගාර නිලධාරින්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.

ඒ, සෞඛ්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින විදේශීය මෙන්ම දේශීය සැකකරුවන් විශාල පිරිසක් මාංචු දමා එක පෙලට දම්වැල්වල ගැටගසා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදීය.

මින් මතු ඒ ආකාරයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකළ යුතු බව මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිලධාරීන්ට දැඩිව අවවාද කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here