Home Local News Room : සත්‍ය සොයන්න කණ්ඩායමකුත් අරන් විජයදාසයි-අලි සබ්‍රියි දකුණු අප්‍රිකාවට ගිහින්!

News Room : සත්‍ය සොයන්න කණ්ඩායමකුත් අරන් විජයදාසයි-අලි සබ්‍රියි දකුණු අප්‍රිකාවට ගිහින්!

1
0

අධිකරණ, බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇතුළු නියෝජිත කණ්ඩායමක් ඊයේ (21) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ.

මෙරට තුළ ස්ථාපිත කිරීමට නියමිත ‘සත්‍ය සෙවීමේ කොමිසමේ’ කටයුතු විධිමත්ව සහ සාර්ථකව කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දකුණු අප්‍රිකා රජයේ අත්දැකීම් ලබාගැනීම මෙම සංචාරයේ අරමුණ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් S.E. ස්චල්ක් පසුගිය දිනක අධිකරණ අමාත්‍යවරයා හමුවු අවස්ථාවේ සිය රට තුළ ස්ථාපනය කර ඇති සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳව අත්දැකීම් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් කර තිබුණි.

එම ආරාධනය අනුවයි ඔවුන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොඅ ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here