Home Local News Room : “ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ” – ජනපති

News Room : “ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ” – ජනපති

0
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ඊයේ (මාර්තු 20) දිනයේදී විස්තීරණ ණය පහසුකම අනුමත කිරීම නිසා ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශක්තියක් ඇති බව සහතික කිරීම නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමට හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව ඉදිරියේදී බංකොලොත් රටක් ලෙස නොසලකන බව ය.

රටේ විදෙස් විනිමය දියුණු වන විට ආනයන සීමා ක්‍රමානුකුලව ඉවත් කිරීමට යන බව රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ය.

“අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර සඳහා ඒ පළමු වටයට ඇතුළත් වෙනවා. අපි මෙතන ඉඳන් ඉදිරි ගමන ගෙනියන්නට ඕන එකඟතාව අනුව. දැනට මගේ යුතුකම මේ එකඟතාව ලබා ගන්නට ක්‍රියා කරපු රටවල් සියල්ලට ම අයි.එම්.එෆ්. සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙන්නට ත් මම ස්තූතිය ප්‍රකාශ කරනවා.”

මේ පිළිබඳ සම්පූර්ණ ප්‍රකාශයක් හෙට (මාර්තු 22) දින පාර්ලිමේන්තුවේදී සිදු කරන අතර එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ද පාර්ලිමේන්තුවට සභාගත කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරට ත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here