Home Local News Room : විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න තීන්දු කළ විදුලි බිල ඉහළ...

News Room : විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න තීන්දු කළ විදුලි බිල ඉහළ දැමීමට එරෙහි පෙස්සමේ අභියාචනය සලකා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

6
0

විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සමක් සලකාබැලීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ අදාළ පෙත්සම සලකාබැලීම සඳහා අගොස්තු 4 වනදා කැඳවන ලෙසය.

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම්කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සමින් සඳහන් කර තිබෙන්නේ පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවය.

මේ හරහා අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමේ බලතල කප්පාදු කිරීමක් සිදුකර ඇති බවත් එම අභියාචනා පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.

එබැවින් තමන් විසින් ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ඉකුත්දා අභියාචනාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දුකොට එය බලරහිත කිරීමට නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here