ඊයේ (21) සවස පකිස්ථානයේ උතුරු ප්‍රදේශ වලට සහ ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශවලට ඇතිවූ රික්ටර් මාපකයේ 6.5ක භූකම්පනයක් හේතුවෙන් ගොඩනැගිලි හානි සහ නායයෑම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශාල ප්‍රදේශයකට මෙම භූමිකම්පාව බලපා ඇති අතර භූමිකම්පාවකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි මේ වන විට වාර්තා වේ.