Home Local News Room : ඉල්ලීම් තාම ලැබිලා නෑ! හෙට වතුර නැතිවෙයිද?

News Room : ඉල්ලීම් තාම ලැබිලා නෑ! හෙට වතුර නැතිවෙයිද?

2
0

ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යළිත් විභාග කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් වැඩවර්ජනය අත්හිටුවනවා ද යන්න පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නැත.

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය.

බදු ප්‍රතිපත්තියට හා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට විරෝධය පළ කරමින් විදුලි බල මණ්ඩල ඉංජිනේරුවරුන්ගේ සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (21) අවසන් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here