සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත සංශෝධනය කිරීමට 2022-07-04 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබූ බව අදාළ කැබිනට් තීරණයේ දැක්වේ.
ඒ අනුව, නීති කොටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.






