ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් අනුමත කිරීමේදී සලකා බලන ප්‍රධාන සාධකය ණය තිරසරභාවය බවත් ශ්‍රි ලංකාව තුළ තවමත් ණය තිරසර භාවයක් නැති බවත් ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෘව අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර තිබේ.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය වූ ඇමෙරිකා ඩොලර් මිලියන 333ක මුදල තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.
ඉදිරි වාරික ලබාදීම සෑම මාස 06කට වරක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන සමාලෝචන මත රඳා පවතින බවද ඔහු අවධාරණය කර තිබේ.