Home Local News Room : යහපාලනයෙන් යුතුව සහ විනිවිදභාවයෙන් කටයුතු කරන්න! ණය ප්‍රතිව්‍යුහගත කිරීමත්...

News Room : යහපාලනයෙන් යුතුව සහ විනිවිදභාවයෙන් කටයුතු කරන්න! ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් කරන්න! අමෙරිකානු තානාපතිනිය තියපු ට්විටර් පණිවුඩය!

8
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් මෙරටට අනුමත කළ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිවැරදි දිශානතියකට ගෙන යාම සඳහා වැදගත් පියවරක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසයි.

මෙරට ආර්ථිකය නිසි පරිදි පවත්වා ගෙන යමින් ණය අර්බුදය අවසන් කිරීමට නම් මෙම ප්‍රතිසංස්කරණ හා ණය ප්‍රතිව්‍යුවහගකරණ මෙලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව ද ඇය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

දිගු කාලීනව සිදු කරගෙන යන මෙම ප්‍රතිසංස්කරණ යහ පාලනයෙන් සහ විනිවිදභාවයකින් යුතුව සිදු කරමින් මෙරට පුරවැසියන්ට සමෘද්ධිය අත් කරදීම සහතික කළ යුතු බවත් ජූලි චන්ග් මහත්මිය පැවසුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here