මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන ඡන්දය එළඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන 23 වනදා ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කරන්නේ ලබන 23 වනදා මැතිවරණ කොමිෂන් සභාව වෙත සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු කැඳවා ඇති බවත් එහි දී මැතිවරණය පැවැත්වීම සම්බන්ධ ඉදිරි තීරණය ගන්නා බවත්ය.
මැතිවරණය පැවැත්වීමට අදාලව අයවැයෙන් වෙන් කළ මුදල වහාම නිදහස් කරන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්ද නිකුත් කර ඇති නමුත් මෙතෙක් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය කටයුතු නොකිරීම හේතුවෙන් මැතිවරණයේ ඉදිරි කටයුතු අඩාල වී තිබේ.