Home Local News Room : ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ අවශ්‍යයි...

News Room : ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ අවශ්‍යයි – ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා – Lanka Truth | සිංහල

8
0

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් සිදුකළ හැකි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් විශේෂයෙන් දූෂණය මැඩලීමේ අඛණ්ඩ උත්සාහයක් පැවතිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසයි..

ඉහළ උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසාර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝගවලට මුහුණදී ඇති බවද ඇය පෙන්වා දෙයි.

ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් හිමිකාරීත්වයක් සහිතව විස්තීරණ අරමුදල් පහසුකමට සහාය දක්වන වැඩසටහන කඩිනම් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවද ඇය අවධාරණය කරයි.

මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා බැංකු ප්‍රාග්ධනීකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවත්, දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව දූෂණය මැඩලීමේ අඛණ්ඩ උත්සාහයන් අඛණ්ඩව පැවතිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් පෙන්වා ‍දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here