Home Local News Room : අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම...

News Room : අතරමං වෙලා හිටපු කතරගම අසරණ දරුවන්ට IT උගන්වලා කතරගම ලංකාවේ හොඳම IT නගරය කරන්න යන කෝටිපති ධම්මික පෙරේරා! දරුවන් 1000ක් ඉගෙන ගන්න පරිගණක 48ක සුපිරි පරිගණක විද්‍යාගාරයක්! VIDEO

2
0

2022 වසරේ කෝටිපති ධම්මික පෙරේරා මහතා කතරගම දේවාලයට පැමිණෙන්නේ සිරිත් පරිදි හාස්කම් සපිරි කතරගම දෙවියන් සහ දේවාලය වැදපුදාගැනීම සදහාය.

එහිදී කතරගම දේවලායේ නිලමේ තැන්පත් දිශාන් ගුණසේකර මහතා ධම්මික පෙරේරා මහතාගෙන් එක් ඉල්ලීමක් කළේය. ඒ, දේවාලය විසින් කතරගම සිටින මල් විකුණමින් එදිනෙදා ආදායම් සොයාගන්නා අසරණ දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන පරිගණක විද්‍යාගාරය නැරඹීමට පැමිණෙන ලෙසය.

ඒ අනුව ධම්මික ‌පෙරේරා මහතාද එම පරිගණක විද්‍යාගාරය බැලීමට යාමේදී ඔහුට දැකගත හැකිවන්නේ දේවාලය විසින් පවත්වාගෙන යන පරිගණක 10කින් යුත් කුඩා පරිගණක විද්‍යාගාරයකි. එය දැකීමෙන් මහත් සේ කනගාටුවට පත්වන ධම්මික පෙරේරා මහතා එදින රාත්‍රියේ සිටම මෙම විද්‍යාගාරය දියුණු කිරීමට හැකි සෑම කටයුත්තක්ම සිදු කළේය.

ඒ අනුව DP EDUCATION යටතේ ඇති DP CODING පාසල සමග මෙම විද්‍යාගාරය ඒකාබද්ධ කළ ධම්මික පෙරේරා මහතා ඉතා කෙටි කාලයක් ඇතුළත පරිගණක 48කින් යුත් නවීන විද්‍යාගාරයක් බවට එය පත් කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව අද වනවිට එහි කතරගම සිටින දරුවන් 4000න් දරුවන් 1000ක්ම අධ්‍යාපනය ලැබීම සුවිශේෂ කාරණයකි.

එමෙන්ම මෙම විද්‍යාගාරයෙන් IT දැනුම ලබා ගන්නා දරුවන්ට මොරටුව විශ්වවිද්‍යාලයේ නොමිලේම අධ්‍යාපනය ලැබිය හැකි වාතාවරණයද ධම්මික පෙරේරා මහතා විසින් සකස් කොට අවසන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කතරගම දේවාලයේ දිශාන් ගුණසේකර නිලමේතුමා කියා සිටියේ නුදුරේදීම කතරගම යනු ලංකාවේ හොදම IT නගරය බවට පත්වනු නොඅනුමාන යැයි කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here