Home Local News Room : පූනාගලවතු නිවාස කිහිපයක් නායයාමකට හසුවෙයි

News Room : පූනාගලවතු නිවාස කිහිපයක් නායයාමකට හසුවෙයි

9
0

ඇද හැලෙන අධික වර්ෂාවත් සමග බණ්ඩාරවෙල, පූනාගල, කබරගල වතු රෝහල අසළ පිහිටි වතු නිවාස පේළි 2ක් සැඩ ජල පහරකට හසුවී තිබේ.

ජල පහර සමග පස්කන්දක් කඩාවැටීමෙන් නිවාස දහයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඇත.

ඊයේ (19) රාත්‍රි 9ට පමණ සිදුවූ එම ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කළ බවත් ඉන් 05 දෙනෙකුගේ තත්වය බරපතළ බැවින් ඔවුන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මුලික රෝහල වෙත මාරු කර යවා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

තවත් පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බවට ඊයේ රාත්‍රී වනවිට වාර්තා වූ නමුත් ඔහු හමුවී ඇති බව මේ වනවිට වාර්තා වේ.

මේ වනවිට එම ප්‍රදේශයේ නිවාසවල පුද්ගලයින් 300ක් පමණ පුනාගල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවතා ඇතැයි වාර්තා වේ.

ජීවිත හානි කිසිවක් වාර්තා නොවන අතර ලියන්ගහවෙල පොලීසියේ නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here