ගල් පෙරලීම ඇතුළු ආපදා තත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව යළි එම මාර්ගය ජනතාවට සාමාන්‍ය පරිදි භාවිතා කළ හැකි බවත් සැලකිලිමත්ව මාර්ගයේ ගමන් ගන්නා බවත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට සහ ජනතාවට දැනුම් දී සිටී.