Home Local News Room : 12 වන දිනටත් සරසවි ආචාර්යවරුන් අද වැඩවර්ජනයේ! විදුලි හා...

News Room : 12 වන දිනටත් සරසවි ආචාර්යවරුන් අද වැඩවර්ජනයේ! විදුලි හා ජල සේවකයොත් වෘත්තීය ක්‍රියාමාර්ගවල!

3
0

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද (20) ක්‍රියාත්මක වන්නේ 12 වැනි දිනටයි. 

වර්ජනය  හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. 

ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ ය.  

මේ අතර, ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විදුලි බල හා ජල සම්පාදන වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් මේ සතිය තුළදී ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here