Home Local News Room : හම්බන්තොට නායකයන් ඇවිත් කුරුණෑගල දේශපාලනය පාතාලකරණය-පාදඩකරණය-මදාවිකරණය කළ හැටි මහාචාර්ය...

News Room : හම්බන්තොට නායකයන් ඇවිත් කුරුණෑගල දේශපාලනය පාතාලකරණය-පාදඩකරණය-මදාවිකරණය කළ හැටි මහාචාර්ය චරිත කුරුණෑගලදීම හෙළිකරයි! ආයෙ කුරුණෑගලින් රාජපක්ෂලාගේ ඒ මදාවි දේශපාලනයට ඉඩ නෑ! VIDEO & PHOTOS

2
0

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනය පාතාලකරණයට, පාදඩකරණයට සහ මදාවිකරණයට ගෙනියන්න උදව් කලේ හම්බන්තොටින් නායකයෝ මෙහාට ආවට පස්සේ. දැන් මේ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි මුලු රටටම දේශපාලනය එපා වෙලා තියෙන්නේ මේ වගේ දේවල් නිසයි’.’ යැයි මහාචාර්ය චරිත හේරත් පොල්ගහවෙල ආසනයේ පැවැති නිදහස් ජනතා සන්ධාන රැස්වීමකදී කියා සිටියේය.

“2015 සිට මේ දක්වාම රටේ සිදුවෙමින් පවතින්නේ දේශපාලන සුලිසුලගක්. 2015 මෛත්‍රීපාලට ජන්දය දුන්න මැද පංතියේ අයත් 2019 ගෝඨාභය යට ජන්දය දුන්නු වෘත්තීය පංතියේ අයත් 2022 ගෝඨාභයව එලවන්න පාරට ආපු තරුණ පංතියේ අයත් පෙන්නුම් කරන්නේ මේ දේශපාලන දිය සුලියේ තත්වයයි. මේක තේරුම් ගත යුතුයි. මේ රට අලුත් දේශපාලනයක් ඉල්ලමින් ඉන්නේ. ඒක වික්‍රමසිංහ මහතාගේ අන්ත දක්ෂිණාංශික දේශපාලනයවත් රාජපක්ෂ මහත්වරුන්ගේ පවුල්වාදී දේශපාලනයවත් වෙනත් අය ඉදිරිපත් කරන රොමෑන්තික විප්ලවවාදයවත් නොවන බව මම කියන්නේ. මේ නව දේශපාලන ආමන්ත්‍රණයට අපි සූදානම් ද කියන ප්‍රශ්නයයි අද අපි ඉදිරියේ තියෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here