Home Local News Room : මුලු විපක්ෂයම එකතු වෙයි! මුදල් ලේකම්ට දවස් 7ක් කල්...

News Room : මුලු විපක්ෂයම එකතු වෙයි! මුදල් ලේකම්ට දවස් 7ක් කල් දෙයි! දින 7කින් පසු වෙන්න යන දේ මෙන්න! VIDEO

2
0

පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්‍ෂයේ සියලු පක්‍ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.  

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි මැතිවරණ කොමිෂන් සභාවට මුදල් නොදුන්නොත් උසාවියට අපහාසයක් කළා සේ සළකා එතුමාට එරෙහිව අදාල පියවර ගන්නා ලෙස විපක්‍ෂයේ සියලු පක්‍ෂ එක්ව අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද පීරිස් මහතා සඳහන් කළේය.

එමෙන්ම මේ තත්වය සම්බන්ධයෙන් ලබන සතියේ සිට ජාත්‍යන්තරය ද දැනුම්වත් කරන බව ඔහු පැවසීය.

ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට පළාත් පාලන ආයතනවල කාලය අවසන්ව ඇති අතර, මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොවුවහොත් එය අනාගතයේ දී භයානක පූර්වාදර්ශයක් විය හැකි බව කී මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හමස් පෙට්ටියට දැමීම මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ලබන සතියේදී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවීමට රජය බලාපොරොත්තුවීම ද අනුමත කළ නොහැකි බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here