Home Local News Room : පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම තුනකට එරෙහිව නඩු පවරන්නැයි...

News Room : පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම තුනකට එරෙහිව නඩු පවරන්නැයි ඉල්ලීමක්

0
0

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට සලකා බැලීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කරනු ලැබ තිබේ.

මහ බැංකුව සඳහන් කළේ, අදාළ ආයතන තුන සහ ඊට සම්බන්ධ පාර්ශව බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනිව ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව තම බැංකුව විමර්ශනයක් සිදු කළ බව ය.

එම විමර්ශන වාර්තාවලට අනුව, Fast3Cycle International Pvt Ltd (F3C), Sport Chain App, Sport Chain ZS Society Sri Lanka සහ OnmaxDT ආයතන තුන සහ එහි අධ්‍යක්ෂවරුන්, ප්‍රවර්ධකයින් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවට තීරණය කර ඇත.

අදාළ පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙලෙස මහ බැංකුව විමර්ශනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here