Home Local News Room : පළාත් පාලන ආයතන නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්...

News Room : පළාත් පාලන ආයතන නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් – Lanka Truth | සිංහල

3
0

පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ඒ අනුව පළාත් පාලන ආයතන නීතියට අනුව අද දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත්කර ගත යුතු වුවද ඡන්ද විමසීම එම දිනයට පෙර පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු නිලධාරී පාලනයකට පත් වෙනු ඇත.

ඒ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන්ටද, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275ක බලය එම ආයතනවල ලේකම්වරුන්ට පැවරීමට නියමිතය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ නිල කාලය අවසන් වන්නේ එළඹෙන ඔක්තෝබර් මාසයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here