Home Local News Room : ඡන්දෙ කල්දාන්න මහින්ද දේශප්‍රියත් ‌ගේමක් ගහනවා කියලා අපි කලින්ම...

News Room : ඡන්දෙ කල්දාන්න මහින්ද දේශප්‍රියත් ‌ගේමක් ගහනවා කියලා අපි කලින්ම කිව්වා! අපි කියපු කතාව ඔන්න මහින්ද දේශප්‍රියම දැන් පිළිඅරන්!

2
0

“අප්‍රේල් 25 වනදා මේ ඡන්ද විමසීම තියන්න බැරුව ගොඩක් කල්ගියොත් අපේ සීමානිර්ණ වාර්තාව දුන්නට පස්සේ ඒ එක්ක ජනාධිපතිවරයා ගැසට් කළොත් ඊට පස්සේ සමාලෝචන කමිටුවකුත් දාලා ඒක ගියොත් පාර්ලිමේන්තුව තමයි තීරණය කරන් ඕනේ, මේ ගත් නොමිනේෂන්වලින් ඡන්දය තියෙනවද නැද්ද කියන එක බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති, සීමා නිර්ණය ‌කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත්වීම සුදුසු වූවත් එය අපහසු තත්ත්වයක් මේවන විට දක්නට ඇති බවය. 

“අප්‍රේල් 25 වනදා මේ ඡන්ද විමසීම තියන්න බැරුව ගොඩක් කල්ගියොත් අපේ සීමානිර්ණ වාර්තාව දුන්නට පස්සේ ඒ එක්ක ජනාධිපතිවරයා ගැසට් කළොත් ඊට පස්සේ සමාලෝචන කමිටුවකුත් දාලා ඒක ගියොත් පාර්ලිමේන්තුව තමයි තීරණය කරන් ඕනේ, මේ ගත් නොමිනේෂන්වලින් ඡන්දය තියෙනවද නැද්ද කියන එක. මොන තත්ත්වය වුණත් ඡන්ද වීමසීමක් නියමිත කාලයට වඩා කල් යන එක සුදුසුත් නැහැ. නිලධාරීන්ගේ පාලනයෙන් දීර්ඝ කලක් මේ සභාවල් පවත්වාගෙන යන එකත් සුදුසුත් නැහැ. මම බලාපොරොත්තු වෙනවා අඩුම ගාණේ තව මාස තුන හතරක් ඇතුළතවත්  මේ ඡන්ද විමසීම් අනිවාර්යෙන් පැවැත්වේවී කියලා. අප්‍රේල් 25 තියන්න පුළුවන් නම් හොඳයි. නමුත් තියන්න අමාරු බව තමයි දැන් පෙනෙන්නේ. මොකද තැපැල් ඡන්දය සඳහාවත් ඡන්ද පත්‍රිකා රජය මුද්‍රනාලයෙන් ලැබෙන්නේ නැති තත්ත්වයක් යටතේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here