Home Local News Room : 2023 පාසල් නිවාඩු ප්‍රකාශයට පත්කරයි – Lanka Truth |...

News Room : 2023 පාසල් නිවාඩු ප්‍රකාශයට පත්කරයි – Lanka Truth | සිංහල

0
0

2023 වර්ශයට අදාළ පාසල් නිවාඩු අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව,

පළමු පාසල් වාරයේ 01 වැනි අදියර 2023.03.27 සිට 2023.04.04 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023.04.05 සිට 2023.04.16 දක්වා ලබා දී ඇත.

පළමු පාසල් වාරයේ 02 වැනි අදියර 2023.04.17 සිට 2023.05.12 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023.05.13 සිට 2023.05.24 දක්වා ලබා දී ඇත. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග හේතුවෙන්.

පළමු පාසල් වාරයේ 03 වැනි අදියර 2023.05.25 සිට 2023.07.20 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023. 07.21 සිට 2023.07.23 දක්වා ලබා දී ඇත.

දෙවන වාරය 2023.07.24 සිට 2023.10.13 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023.10.14 සිට 2023.11.12 දක්වා ලබා දී ඇත.(5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන්.

තෙවන වාරයේ පළමු අදියර 2023.11.13 සිට 2023.12.22 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023.12.23 සිට 2024.01.01 දක්වා ලබා දී ඇත.

තෙවන වාරයේ දෙවන අදියර 2024 .01.02 සිට 2024.02.09 දක්වා පැවැත්වේ (දෙදිනම ඇතුළුව).

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here