ආර්ථික උද්ධමනය ඉහළ යාමත් සමගම වෙළඳපල සමතුලිත භාවය තබා ගැනීම සඳහා යයි පවසමින් ඇමරිකානු මධ්‍යම බැංකුව විසින් පොලී අනුපාතිකය 4.75%දක්වා වැඩි කිරීමත් සමග ඇමරිකාවේ බැංකු තුනක් කඩා වැටිනි. එහි ප්‍රථිපලයක් ලෙස ස්විස්ටර්ලන්තයේ Credit Suisse බැංකුවත් කොටස් වෙළඳපළ තුළ 24%ක බරපතල කඩා වැටීමකට ලක් විය. මෙම බැංකුවේ ආයෝජනය කර තිබෙන යුරෝපයේ බැංකු විශාල ප්‍රමාණයක් ඊයේ (17) දිනය වනවිට යුරෝපීය කොටස් වෙළඳපල තුළ 10%ත් 20%ත් අතර දැවැන්ත පසු බැසීමක් දක්නට ලබුනු අතර යුරෝපීය මධ්‍යම බැංකුවද බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී හදිසි රැස්වීමක් පවත්වමින් ගනුදෙනු කරුවන් හා මහා පරිමාණ රක්ෂණ මුල්‍ය සමාගම් ආරක්ෂා කර ගැනීමට විශාල පරිශ්‍රමයක් දරමින් සිටියහ.
1856 දී ආරම්හ කළ ස්විස්ටර්ලන්තයේ Credit Suisse බැංකුව යනු දිගු කාලීනව කළු සල්ලි සුදු කරපු ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත් බැංකුවක් වේ. 2020 දී අප්‍රිකානු ඒකාධිපතියන්ගේ හා ලෝක දේශපාලන නායකයන්ගේ කළු සල්ලි සුදු කිරීමත්, ප්‍රංශයේ බදු ගෙවීම් පහර හරිමින් මුදල් තැන්පත් කළ ප්‍රංශ සමාගම් හිමිකරුවන් හා පාතාල නායකයින් 5000ක් සම්බන්ධයෙන් වූ හෙළිදරව් වීම නිසා අපකීර්තියට පත් වී ස්විස්ටර්ලන්ත හා ඇමරිකානු අධිකරණයන්හි දඬුවම් ලැබූ බැංකුවක් වේ. ඇමරිකාවේ බැංකු කඩා වැටීමත් සමගම ගිණුම් හිමිකරුවන් විසින් මුදල් ආපසු ලබා ගැනීමත් සමගම ඊයේ Credit Suisse බැංකුවේ බරපතල කඩා වැටීමක් සිදු වූ අතර එහි ප්‍රථිපලයක් ලෙස යුරෝපීය බැංකු විශාල ප්‍රමාණයක් ඇතුළු රටවල් 135ක මුල්‍ය ආයතන කඩා වැටීමේ අනතුරකට මුහුණ දෙමින් සිටියහ. ප්‍රංශයේ ප්‍රධාන බැංකු තුනක්ද ඒ අතර වීමත් සමගම ප්‍රංශ මුදල් ඇමතිවරයා වහා පියවර ගන්න ලෙස ස්විස්ටර්ලන්ත රජයෙන් ඉල්ලා සිටියේය.
මෙම කලබල කාරී තත්වය වඩාත් උත්සන්න වනුයේ Credit Suisse බැංකුවේ 10%ක ප්‍රධාන කොටස් හිමිකරුවෙකු වන සෞදි අරාබියේ සුප්‍රකට බැංකුවක් වන saudhi national bank ආයතනය බැංකුව ආරක්ෂා කරගැනීම තරයේ ප්‍රතික්ෂේප කර සිටීමත් සමගය. එහි ප්‍රධාන අධ්‍යක්ෂක AMMAR AL-KAHUDAIRY පැවසුවේ පසුගිය වසරේ 2022 දී පමණක් විවිධ දුෂිත ගනුදෙනු හේතුවෙන් Credit Suisse බැංකුවේ කොටස් 80%කින් පහත වැටී ඇති තත්වයක් තුළ ඒ පිළිබඳව විශ්වාශය තබා මුදල් පොම්ප කිරීමට තමන් තවදුරටත් සුදානම් නොමැති බවයි. ඇති වූ දැවැන්ත ජාත්‍යන්තර පීඩනයත් සමග ස්විස්ටර්ලන්ත රජයද තම මධ්‍යම බැංකුව හරහා (BNS) බලවත් අකමැත්තෙන් වුවත් දුෂිත Credit Suisse බැංකුව කඩා වැටීමට ලක් නොවී බේරා ගැනීම සඳහා ඩොලර් බිලියන 50ක් එම ආයතනයට ඊයේ ලබාදෙනු ලැබුවේ ජනතා විරෝධය මධ්‍යයේය.
මෙවැනිම තත්වයක් 2008දී lehman brothers බැංකුව කඩා වැටුණු අවස්ථාවේදීද පැන නැගුනු අතර එම යුගයේදී ඇමරිකානු භාණ්ඩගාර ලේකම් වරයා වුයේ Henry paulson වූ අතර ඔහු ඇමරිකාවේ සුප්‍රකට Goldman Sachs හිටපු මුල්‍ය ආයතනයේ ප්‍රධානියා විය. ඔහු එම ආයතනයේ ප්‍රධානියා වී සිටි සමයේ ඔවුන්ගේ ප්‍රධාන තරඟකරු වූ Lehman Brother බැංකුව කඩා වැටීම ඔවුන් ලැබූ ජයග්‍රහණයක් විය. ඇමරිකාවේ 2008දී නිවාස ණය විචල්‍ය පොලී අනුපාත ඔස්සේ ලබාදීම මත ඇති වූ අර්බුධයේදී තවත් ප්‍රධාන ආයෝජන සමාගමක් වූ goldman sachs ආයතනයද එහි ප්‍රධාන ආයෝජන කරුවෙකු විය. එම ආයතනය කඩා වැටීමෙන් වැලකී යනුවේ, එම goldman sachs හි හිටපු ප්‍රධානියා වූ Henry paulson ඇමරිකානු භාණ්ඩාගාරයේ අර්බුධය ඇතිවූ සමයේ ප්‍රධාන ලේකම් වීම නිසා බව newyok time පුවත්පත පසුව හෙළිකර සිටියේය.
තම පැරණි හාම්පුතා බේරා ගැනීම සඳහා ඇමරිකාවේ ප්‍රධාන රක්ෂණ ආයතනයක් වන AIG (AMERICAN INTERNATIONAL GROUP) ඔස්සේ goldman sachs බේරා ගැනීම සඳහා ඩොලර් බිලියන 74ක් ලබා දෙමින් ඔහු එම මැදිහත් වීම සිදු කළ බව එම පුවත්පත හෙළිකර සිටියේය. ඒ අවස්ථාවේදී මුදල් හිස්වූ අදාළ රක්ෂණ ආයතනය බේරා ගැනීමට ඇමරිකානු මධ්‍යම බැංකුව හරහා තවත් ඩොලර් බිලියන 85ක් ලබා දීමට තම භාණ්ඩාගාර ලේකම් ධූරය අව භාවිතා කර ඇති බව newyork time පුවත්පත වැඩිදුරටත් හෙළිකර සිටියේ 2017දීය.
කෙසේවෙතත් මෙම සියළුම දුෂිත අත යට ගනුදෙනු වලින් ඔප්පු වෙමින් පවතිනුයේ එහි වග උත්තර කරුවන් තව දුරටත් කිසිදු දඬුවමකට ලක් නොවී ඇතිවන සියළු අර්බුධ හමුවේ කිසිදු බියකින් තොරව තම දුෂිත ගනුදෙනු නිදහසේ කරගෙන යාමට සමත් වීම බවයි. එහෙත් ඔවුන්ගේ සියලු අතයට ගනුදෙනු වල බිල්පත් ගෙවීමට සිදුවනුයේ ඇමරිකානු, යුරෝපීය ඇතුළු මහද්වීප පහේ සාමාන්‍ය ජනතාවට වේ. 2008 බැංකු වංචාව හේතුවෙන් ලෝකයේ සියළුම මුල්‍ය ආයතන වලට සිදුවූ සමස්ත අලාභය ඩොලර් බිලයන 1000ක් බව අන්තර් ජාතික මුල්‍ය අරමුදල් (IMF) වාර්තා විසින්ම තහවුරු කරනු ලැබිය.
2016 දී බැඳුම්කර වංචාව ඔස්සේ ශ්‍රී ලංකා ජනතාවට ඩොලර් මිලියන 11ක් අහිමි වනවිට එම 2016 අප්‍රියෙල් මාසයේදී කිසිදු කොන්දේසියක් නොමැතිව තවත් ඩොලර් බිලියන 1.5ක් ලබා දී ශ්‍රී ලංකාවේ දුෂිත පාලන තන්ත්රය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වුනුයේද අන්තර් ජාතික මුල්‍ය අරමුදල වේ. එය අදත් ඒ ආකාරයෙන්ම මේ මොහොතේදීත් සිදුවෙමින් පවතී. 2008ආර්ථික අර්බුධයෙන් පසුව ඇමරිකාවේ DODD-FRANK කොමිසම නිර්දේශ කරනු ලැබුවේ ඩොලර් බිලියන 58 දක්වා තම වත්කම් අඩුවන අවස්ථාවකදී එම අඩුවීම ඇමරිකානු මධ්‍යම බැංකුව දැනුවත් කළ යුතු බවයි. එහෙත් මෙම අගය ඩොලර් බිලියන 250 දක්වා ඉහළ දමනුයේ 2017දී ට්‍රම්ප් විසින් වන අතර එයට අද බලයේ සිටින ඩිමොක්රටික් සෙනට් සභිකයන් 17දෙනෙකු ගේ සහය ඒ අවස්ථාවේදී හිමි විය.
පොලී අනුපාත අඩුකර කිසිදු වටිනාකමක් නොමැති ආර්ථික බුබුළු සාදා පසුව ඒවා wall street කොටස් වෙළඳපල තුළ තබා පසුව පොලි අනුපාත වැඩිකරවා ආර්ථික අර්බුධ ඇතිකිරීමට ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙක තුළ සිටින බැංකු හොරුන් වග කිවයුතු බව හිටපු ජනාධිපති අපේක්ෂක bernie sander ඊයේ මාධ්‍ය අමතා කියා සිටියේය. ඒ අතර newyork times පුවත්පත හෙළිකර සිටියේ DODD-FRANK කොමිසමේ සාමාජිකයෙකු වන bansey FRANK සෙනසුරාදා කඩා වැටුණු SIGNATURE BANKS හි කොටස් හිමිකරුවෙකු බවත් 2015දී පමණක් එයින් ඔහු උපයා ගත් මුළු මුදල ඩොලර් මිලියන 2.4ක් වන බවයි.
මේ වනවිට ඇමරිකාවේ සිදුවන මෙම බැංකු කඩා වැටීමේ මුලික හේතුව සැලකෙන පොලි අනුපාතය ඉහළ දැමීම නැවැත්වීමට ඇමරිකාව සුදානම් නොවන්නේත්, ඊයේ හදිසි මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් යුරෝපා මධ්‍යම බැංකුවේ (BCE) අධ්‍යක්ෂිකා christine Lagarde තවදුරටත් තහවුරු කළේත් පොලී අනුපාතය ඉහළ දැමීම නැවැත්වීම අර්බුධයට විසඳුමක් නොවන බව පවසමිනි. ඔවුන් එමගින් අපේක්ෂා කරනුයේ බඩුමිල ඉහළ දමමින් මහා පරිමාණයෙන් මුදල් උපයා ගනිමින් හා අධික පොලී අනුපාතයට ණය ලබා දීම ඔස්සේ ලාභ ලැබීමට අපේක්ෂාවෙන් සිටින මහා පරිමාන රක්ෂණ හා මුල්‍ය ආයතනවලට තව තවත් ආරක්ෂාව සැලසීමට වේ. එනම් ජාත්‍යන්තර මුල්‍ය ආයතන වැටීමෙන් අහිමි වන මුදල් ජනතාවගෙන්ම උපයා ගැනීමට බවට යන්න තවදුරටත් රහසක් නොවන බව විනා වෙන යමක් නොවේ.