රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි හේග් නුවර කේන්ද්‍රකොටගත් අන්තර් අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.
නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම සහ යුක්රේන භූමියේ සිට රුසියාවට නීතිවිරෝධීව ලෙස පුද්ගලයින්ව මාරු කිරීම සම්බන්ධයෙන්ද රුසියන් ජනාධිපතිවරයාට චෝදනා නගා ඇත.
එමෙන්ම එම චෝදනාව රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් මාරියා ලෙවෝවා බෙලෝවාටද එල්ල වී ඇති අතර ඇයට එරෙහිවද අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.
මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා ඇත්තේ, එම නියෝගය සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත ක්‍රියාවක් බවය.
රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසා ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීරණය නීතිමය දෘෂ්ටි කෝණයක් මිස එය කිසිසේත්ම සිය රාජ්‍යයට අදාළ නොවන බවය.
මාරියා සකාරෝවා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ බලපැවැත්වෙන රෝම ප්රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවකු නොවන බවත් ඒ යටතේ කිසිදු වගකීමක් ද තම රට නොදරන බවත්ය.
(රොයිටර්)