දිවයිනෙන්ම ක්ෂය රෝගීහු 8342 දෙනකු හඳුනාගෙන ඇතැයි ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය පැවසුවාය.
ඉන් වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව 46%ක් බවත් ඇය කියා සිටියාය. එසේම එම පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් එම සංඛ්‍යාව 26%ක් බවත් ඈ සඳහන් කළාය. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ නගර සභා සීමාව තුළින් බවත් ඒ අනුව එම නගර සභා බල සීමාවෙන් ක්ෂය රෝගීහු 1,200ක් හඳුනාගෙන ඇති බවත් ඇය සඳහන් කර සිටියාය.
මෙම මස 24 වැනිදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී මේ බව අනාවරණය කළාය. එසේම මේ වනවිට හඳුනා නොගත් ක්ෂය රෝගීන් 5,800ක් පමණ සමාජය තුළ නිදැල්ලේ සිටින බවද ඇය කියා සිටියාය.
“මෙහිදී තවදුරටත් කතා කළ ප්‍රජා විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය මෙසේද කීවාය. 2022 වර්ෂයේ හඳුනාගත් ක්ෂය රෝගීන්ගෙන් වැඩිම පිරිසක් ඉන්නේ පිරිමින්. ඒ සංඛ්‍යාව 63.7%ක්. එතකොට කාන්තාවන් 36.3%ක් ඉන්නවා.
ඒ වගේම 2022 වර්ෂයේදී ළමා ක්ෂය රෝගීන් 187 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
හඳුනා නොගත් ක්ෂය රෝගීන් 5,800ක් විතර සමාජය තුළ නිදැල්ලේ සැරිසරනවා. මේ එක රෝගියෙක්ගෙන් තවත් පුද්ගලයන් 10 දෙනකුට හෝ 15 දෙනෙකුට රෝගය බෝ කරන්න පුළුවන්.
වෛද්‍යවරුන් ළඟට එන රෝගීන් ක්ෂය රෝගීන්ද කියලා හඳුනා ගැනීම ඉතා වැදගත්.
අනිත් එක වෛද්‍යවරුන් ගිහිල්ලා රෝගීන් හඳුනා ගැනීම ඉතා වැදගත්.”
ක්ෂය රෝගය බෝවන රෝගයක්. ක්ෂය රෝගයට ප්‍රතිකාර තියෙනවා.
ළය රෝග පිළිබඳ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර
“නියමිත ඖෂධ ප්‍රමාණය නියමිත මාත්‍රාවෙන් දිනපතා මාස 06ක් නොකඩවා අරගත්තොත් මේ රෝගය සුවකරන්න පුළුවන්. 2020 දී මිලියන 10කට ක්ෂය රෝගය වැළඳිලා තියෙනවා.
ඒ වගේම පුද්ගලයින් මිලියන 1.5ක් ක්ෂය රෝගය වැළඳිලා මිය ගිහින් තිබෙනවා. ක්ෂය රෝගීන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් වසරකට හඳුනා ගන්නවා.
දියවැඩියාව, මන්දපෝෂණය, පිළිකා රෝගය, එච්.අයි.වී වැනි තත්වයන් සමග ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවුණු ගමන් ක්ෂය රෝගය වැළඳෙන්න පුළුවන්.”
එකම අරමුණ ක්ෂය රෝගය 2035 වසර වනවිට ලංකාවෙන් තුරන් කිරීමයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂය රෝග මර්දන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත
“ඒ සඳහා ක්ෂය රෝගීන් නිසි ලෙස ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්.
මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය සඳහා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය අසන්ති බලපිටිය, ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ වෛද්‍ය ඔනාලි රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහුද සහභාගි වූහ.”