Home Local News Room : මාලිමාවේ අපේක්ෂකයා මහින්දානන්දගෙන් රු. මිලියන 100ක වන්දියක් ඉල්ලයි –...

News Room : මාලිමාවේ අපේක්ෂකයා මහින්දානන්දගෙන් රු. මිලියන 100ක වන්දියක් ඉල්ලයි – Lanka Truth | සිංහල

0
0

ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණෙන් ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු වන වසන්ත කුමාර ජයසිංහ සම්බන්ධයෙන් පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සිදු කළ සාවද්‍ය ප්‍රකාශවලට එරෙහිව රුපියල් මිලියන 100ක් ඉල්ලා එන්තර්වාසියක් යොමු කර තිබේ.

නීතිඥ රංජිත් ප්‍රේමරත්න මගින් නිකුත් කර ඇති එම එන්තර්වාසියෙන් සඳහන් කරන්නේ පොහොට්ටු පමන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද අසත්‍ය සහ ද්වේෂ සහගත අපහාසාත්මක ප්‍රචාරය හේතුකොට ගෙන තම සේවාදායක අවමානයට සහ දැඩි චිත්ත පීඩාවකට පත් වී ඇති බැව්න් තම සේවාදායකට සිදු වී ඇති එකී මානසික පීඩාව අපහාසය අවමානය සහ අපකීර්තිය මුදලින් රුපියල් මිලියන සියයක (රු : 100,000,000/=) මුදලකට තක්සේරු කරන බවය.

මෙම එන්තර්වාසිය ලැබී දින 14ක් තුළ අදාළ වන්දි මුදල ගෙවිය යුතු බවත් එසේ ගෙවීමට මහින්දානන්ද අලුත්ගමගේ අපොහොසත් වුවහොත් ඔහුට එරෙහිව සිවිල් නඩුවක් පවරා එකී මුදල අයකර ගැනීමට නීතිමය පියවර ගන්නා බවද සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here