Home Local News Room : A 9ක් ගත් මහනුවර සිසුවාට පියා ඉදිරිපිටදීම භූමිතෙල් දමා...

News Room : A 9ක් ගත් මහනුවර සිසුවාට පියා ඉදිරිපිටදීම භූමිතෙල් දමා ගිනි තියා ඇත්තේ එදා අම්පිටියේදී දෙදෙනෙක්ව කුරුසියට තියා ඇණ ගැසූ පිරිසේම අයෙක්! තවමත් සැකකරු නිදැල්ලේ! අඩුම තරමේ දරුවාගේ තාත්තාවත් සැකකරුගේ නම කියන්න බයවෙලා!

4
0

මහනුවර අම්පිටියේදී මෙවර සාමාන්‍ය පෙළ A 9ක් ලබා ඉහළින්ම සමත් වූ බෙනඩික්ට් විද්‍යාලයේ සිසුවකුට පිය ඉදිරියේදීම භූමිතෙල් ගසා ගිනි තබා ඇත්තේ අම්පිටිය ගාලේතැන්න ප්‍රදේශයේ කදුමුදනකට පුද්ගලයන් දෙදෙනකු රැගෙන ගොස් කුරුසියේ ඇණ ගැසූ සිද්ධියට ‌සම්බන්ධ කල්ලියේ පුද්ගලයකු බව මේ වනවිට අනාවරණය වී ඇති බව පැවසේ.

2021 ජනවාරි මස 26 වැනි දින සිදුවූ එම සිද්ධියට සම්බන්ධ වී සිටියේ දඹුල්ල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අම්පිටිය ප්‍රදේශයේ පදිංචි කපුවකු ඇතුලු පිරිසකි.

ඔවුන්ට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද චෝදනා රැසක් එල්ල වී තිබිණි.

කෙසේවෙතත් සිද්ධියෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වනවිට බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

නමුත් මෙම සිසුවාට ගිනි තබා ඇත්තේද මෙම කල්ලියේ අයකු බව ‌මේ වනවිට හදුනාගෙන තිබේ.

එහෙත් ඔවුනට ඇති බිය නිසාම කිසිවකුත් ඒ පිළිබද ප්‍රකාශයක් ලබා දීමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

අවම වශයෙන් සිසුවගේ පියා පවා ඒ පිළිබදව නිහඩව සිටින බව දැනගන්නට ඇත.

එදා අප මෙම සිද්ධිය වාර්තා කළ අයුරු!

මහනුවර දෙදෙනෙක්ව කුරුසියේ තියා ඇණ ගහලා! පොලිසියෙන් වහා පරීක්ෂණ අරඹයි!!

බලගොල්ල ප්‍රදේශයේ දේවාලයක කපුවකුට මුහුණු පොත හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් ලී කොට වල තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත .

සැකකරු ඇතුළු පිරිසගේ හිංසනයට ලක්ව තුවාල ලැබු  දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබති.

මෙම සිද්ධිය පසුගිය 25 වැනි දා සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මුහුණු පොත හරහා අපහාස කළ බව කියන  දෙදෙනා කපුවාගේ නිවසට ගෙන්වාගෙන පසුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ට පහර දී කුරුසියේ ඇණ ගසන ආකාරයෙන් ලී කොටවල තබා ඇණ ගසා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

සිද්ධියෙන් අනතුරුව මෙම කපුවා සහ ඔහුට සහාය වූ පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here