කුරුණෑගල මහ නගර සභාවේ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කොමිසම තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මාර්ගයෙන් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් අද (29) තීරණය කර තිබේ.
කුරුණෑගල මහ නගර සභාවේ දූෂණ වංචා සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා මෙම කොමිසම පත් කරන ලද්දේ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ විසිනි.
පළාත් ආණ්ඩුකාරවරයකුට පැවරී ඇති බලතල ප්‍රකාරව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරිපත් කරන ලද පරීක්ෂණ කොමිසම නිවැරැදි හා නීත්‍යානුකූල එකක් වන බැවින් වගඋත්තරකාර පාර්ශ්වයන්ට නොතීසී නොකැඳවා එම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බව මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.