Home Local News Room : ආණ්ඩුවට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් 176ක් උසාවි යයි!

News Room : ආණ්ඩුවට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් 176ක් උසාවි යයි!

2
0

තමන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කර ලෙසට ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ගොනු කළ රීට් පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 13 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කළේය.

මෙම පෙත්සම අද රෝගිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විණිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. වගඋත්තරකරුවන් හැටියට සෞඛ්‍ය ඇමැති , අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පසුගිය ඔක්තෝබර් 17 දින අමාත්‍ය මණ්ඩලය ගත් මෙම තීරණය අත්තනෝමතික හා අසාධාරණ බවට ද පෙත්සමේ සදහන් වේ.

පෙත්සම්කරුවන් විශේෂඥ වෛද්‍යවරුන් බැවින් විශ්‍රාම ගැන්වීමේ අවම වයස අව්රුදු 63 ක් බවට පෙත්සමේ සදහන් වේ.

එබැවින් වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසට ද, අදාල තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here