ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් තිදෙනෙකු අද කොළඹ පැවති උත්සවවලදී විවාහ ගිවිසගෙන තිබෙනවා.
ඒ අනුව කසුන් රාජිත, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක කොළඹ ස්ථාන තුනකදී විවාහ වුණා.
ඇෆ්ගනිස්තානයට එරෙහිව මහනුවර පල්ලෙකැලේ දී ඊයේ ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට මෙම ක්රිකට් ක්රීඩකයන් තුන්දෙනාම ඇතුළත් වුණා.
ඔවුන්ගේ මංගල උත්සව වලින් අනතුරුව අද සවස් වන විට ඔවුන් නැවත සංචිතයට පැමිණීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.