Home Local News Room : ලංකාව තවත් වාර්තාවක! රුවන්ඩාව ඉරානයත් අපිට වඩා ඉහළින්!

News Room : ලංකාව තවත් වාර්තාවක! රුවන්ඩාව ඉරානයත් අපිට වඩා ඉහළින්!

3
0
අපේ රට ලෝකයේ වැඩිම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම  වාර්තාවක දැක්වේ.

ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 86% ක් වන අතර මෙම වාර්තාවට අනුව ලෝකයේ  වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි.

එහි ආහාර උද්ධමන වේගය  321%කි. 

ලෙබනන්, වෙනිසියුලාව, තුර්කිය සහ ආජන්ටිනාව පිළිවෙළින් ලෝක ආහාර උද්ධමන සටහනේ 2වැනි, 3වැනි, 4වැනි සහ 5වැනි ස්ථානවල පසුවේ.

මෙම සමීක්ෂණයට අනුව ඉරානය සහ රුවන්ඩාව යන රටවල් ද සිටින්නේ ශ්‍රී ලාංකාවට වඩා හොඳ  ආහාර මිල පවතින ඛාණ්ඩයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here