බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් සංචාරක රාජ්‍ය ඇමති ඩයනා ගමගේ දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (28) තීන්දු කර තිබේ.
ඒ අනුව දොසැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි රාජ්‍ය ඇමති ඩයනා ගමගේට අභියාචනාධිකරණ නොතිසි නිකුත් කර ඇත.
අමාත්‍ය ඩයනා ගමගේට බ්‍රිතාන්‍ය පුරවැසිභාය පිළිබඳ සියලු ලිපි ලේඛන එදින අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයිද නියෝග කර තිබේ.