විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වතාවට දිඹුලාගල ආරණය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් එහි වැඩවාසය කරන දෙසීයයක් පමණ ස්වාමින් වහන්සේලා විශාල පීඩාවකට පත්ව සිටින බව වාර්තා වේ.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පළමු වරට විදුලිය ලබා දෙනු ලැබුවේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි.
එදා සිටම පැවති සෑම රජයක්ම මෙම සේනාසනයට නොමිලේ විදුලිය ලබා දීමට පියවර ගෙන තිබිණ.
කිතලගම ශ්‍රී සීලාලංකාර හිමියන් විසින් දිඹුලාගලට කළ සමාජ, ශාසනික මෙහෙය අගය කිරීම සදහා මෙසේ එදා සිටම ජලය සහ විදුලිය ලබා දීමට පියවර ගැණින.
කෙසේවෙතත් මේ වනවිට ලක්ෂ 5ක පමණ හිග විදුලි බිලක් එහි ගෙවීමට ඇති බව වාර්තා වේ.