Home Local News Room : මහව – යාපනය දුම්රිය මාස 05කට නවතියි… – Lanka...

News Room : මහව – යාපනය දුම්රිය මාස 05කට නවතියි… – Lanka Truth | සිංහල

2
0

අබලන් තත්වයට පත්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15දා සිට මාස 05ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිණි.

“මහව සිට යාපනය දක්වා දුම්රිය ජනවාරි 15 වැනිදා සිට මාස පහකට නතර කරන්න වෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩ කළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා. මාස 5ක් ඇතුළත එය නිම කරනවා.” යැයි ඇමති බන්දුල ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here