යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සැමරීමේ පදනම මත ඊයේ (27) ට යෙදී තිබුණු වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ජන්ම දිනය දා උතුරු නැගෙනහිර කලාපය පුරා LTTE හිතවාදී දේශපාලකයින් පූජකවරුන් හිටපු LTTE සාමාජිකයින් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් මූලිකත්වයෙන් උතුරු නැගෙනහිර කලාපය පුරා දැවැන්ත සමරු වැඩසටහන් ප්‍රමාණයක් සංවිධානය වී තිබුණු බව ඔත්තු සේවා රජයට වාර්තා කර තිබේ.
LTTE සංවිධානය ප්රබලව ක්‍රියාකාරී වූ අවධියේ දී ප්රභාකරන්ගේ මූලිකත්වයෙන් යුද්ධයෙන් මියගිය සිය සංවිධානයේ සාමාජිකයන් සැමරීම සඳහා ක්‍රියාත්මක කළ මහා වීර සතිය උත්කර්ෂයට නැන්වූ ප්රභාකරන්ගේ උපන්දිනය යෙදුන නොවැම්බර් 27 දිනය මුල් කරගෙන යුද්ධයෙන් අනතුරුව මේතරම් සංවිධානාත්මක ලෙස හා බාධාකිරිම්වලින් තොරව යුද්ධයෙන් මියගිය අය සැමරූ ප්‍රථම අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
විශේෂත්වය වන්නේ මේ සෑම උත්සවයක්ම පාහේ සවස 6.05ට ආරම්භ කර තිබීමය.
නිවාස තුළ සහ ගම්මාන වශයෙන් සංවිධානය තිබූ සාමාන්‍ය සැමරුම් සම්බන්ධව කිසිම ගැටලුවක් නැති නමුත් මේ සංවිධානාත්මක උත්සව සම්බන්ධව රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බවද බුද්ධි අංශ වාර්තා කර තිබේ.
ඊයේ දිනයේ ප්‍රධාන සැමරුම් උත්සව ගණනාවක් උතුරු නැගෙනහිර කලාපය පුරා සංවිධානය වී තිබිණි.
පස්වරු 06.5ට පමණ ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ගේ ප්‍රධානත්වයෙන් කනගපුරම් මහවිරු සුසාන භූමියේ දී 5000කගේ පමණ ප්‍රධානත්වයෙන් දැවැන්ත මහවිරු සමරු උළෙලක් සංවිධානය විය. ඊයේ පැවති විශාලම උත්සවය එයයි.
සවස 6.5ට මුල්ල්‍යාවේලි සුසාන භුමියේදී 3000කගේ පමණ සහභාගීත්වයෙන් මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්වුනේය. මුලතිව් ප්‍රාදේශීය සභා සභාපති කමලනාදන් විජින්දන් එය සංවිධානය කර තිබිණි.
එම වෙලාවේම LTTE සාමාජිකයින් 999ක් මිහිදන් කළ ඉරනපලෛයි LTTE සුසාන භුමියදි මහවිරැ සැමරුම් උත්සවයක් පැවත්විණි. එම සාමාජිකයින්ගේ උපන් දිනය, නම හා මියගිය වර්ෂය සඳහන් කර බොඩි ප්‍රදර්ශනයවී තිබිණි. මෙම සැමරුම් උත්සවය ඉරනපලෛයි ක්‍රිඩා සමාජය හා මියගිය සමාජිකයන්ගේ ඥාතීන් විසින් සංවිධානය කර තිබිණි. ඊට 2000ක පමණ පිරිසක් සහභාගි වී සිටියහ.
අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ කංචිකුඩිච්චිආරු පැරණි LTTE සොහොන් බිමේ සවස 6.05 සිට රාත්‍රී 7 දක්වා ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තවරාසා කලෙයි අරසන් සහ කවීන්ද්‍රන් කොඩීෂ්වරන්ගේත්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේත් ප්‍රධානත්වයෙන් පුද්ගලයන් 1750කට වැඩි පිරිසක් එක් වී දැවැන්තම මහවිරු උළෙලක් කළහ. අම්පාර දිස්ත්‍රික් අතුරැදන් වූවන්ගේ සංගමයේ සභාපති තමිබිරාසා සෙල්වරාණි විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
සවස 06.5ට මන්නාරම අඩම්පන්, ආන්දන්කුලම් ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියේදී මන්නාරම නගරාධිපති ඩී. ඥානප්‍රකාශම් හා මන්නාරම් පුරවැසි කමිටුවේ සභාපති වන ශිවකරන්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්විනි. ඊට 1500 පමණ පිරිසක් සහභාගී වූහ.
එම වේලාවටම මුලතිව් වෙරළ තීරයේ මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි. මුලතිව් තරුණ සංගමයේ සභාපති පීටර් ඉලන්චෙනියම්ගේ ප්‍රධානත්වයෙන් පැවති. එම උත්සවයට 1500ක් පමණ පිරිසක් එක්වූහ.
තොප්පිගල තරව ප්‍රදේශයේ ඇති LTTE සුසාන භුමියෙහි පැවැත්වූ මහවිරු උළෙලේ ප්‍රධානීන් වූයේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් හා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක ධර්මලිංගම් සුරේෂ්ය. පැමිණ සිටි පිරිස 1200කි.
වාකරේ කන්දල් අඩි ප්‍රදේශයේ පිහිටා ඇති එල්ටීටීඊ මහවිරු සුසාන භුමියෙහි ප්රජාතන්ත්රවාදී සටන්කාමී පක්ෂයේ උප නායක හා නැගෙනහිර පළාත් සංවිධායක නාගලිංගම් සංකරපිල්ලේ නගුලේශන්ගේ ප්‍රධානත්වයෙන් මහවිරුවෝ සැමරීමට 1100ක් එක්වී සිටියහ.
800කගේ පමණ සහභාගීත්වය සහිතව මුලතිව් අලම්පිල් ප්‍රදේශයේ මහවිරු සැමරුම් උත්සවයක් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රි තුරෙයිරාසා රවිහරන් විසින් සංවිධාන කළේය.
ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිමලානන්දන්ගේ ප්‍රධානත්වයෙන් මඩු පන්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පිහිටි එල්ටීටීඊ සුසාන භූමියට රැස් වූ 700ක පමණ පිරිසක් එම භූමියේ පොල් පැල 714ක් ඉන්දවා පහන් 1805ක් මහවිරු උළෙල සැමරූහ.
වන්නික්රෙස් සංවිධානයේ හිටපු මුලතිව් සංවිධායක මුල්ලෛයි ඊසන්ගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩුඉරිප්පු දේව්පුරම් ප්‍රදේශයේ 500ක් එක්ව මහවිරුවෝ සැමරූහ.
මුල්ලිවයික්කාල්හිද මහ විරු සැමරුම් උත්සවයක් සංවිධානය වී තිබිනි. සැමරුම් උත්සවය මුල්ලිවයික්කාල් ග්‍රාමීය සංවර්ධන සමිති සභාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. ඊට 500ක පමණ පිරිසක් එක්වී සිටියහ.
එම අවස්ථාවේම ඔඩ්ඩුසුඩාන් කෝඩාරිකල් ප්‍රදේශයේ මහවිරු සැමරුම් උත්සවයක් 300කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විණි. උත්සවය සංවිධානය කර තිබුණේ පුනරුත්ථාපන වූ සාමාජික ධර්මලිංගම් ජිවරත්නම් විසිනි.
රෙට්ට වෛයික්කාල් ප්‍රදේශයේ 300ක පමණ පිරිසකගෙ සහභාගීත්වයෙන් මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්වී තිබිණි. අම්බලන්පොක්කනේ මහවිරු සැමරුම් උත්සවයට ප්‍රදේශවාසින් 250ක් පමණ එක්ව සිටිහය.
එමෙන්ම කොක්කඩිචෝලේ මාවඩිමුම්මාරි LTTE සුසාන භුමියෙහි කොක්කඩිචෝලේ ප්‍රාදේශීය සභාවේ සභාපති සින්නතුරේ පූෂ්පනාදන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයට 250ක් පමණ පිරිසක් එක් වූහ.
එම වෙලාවේදීම මන්නාරම පල්ලිමුනෙයි කතෝලික දේවස්ථානයේදී එහි ප්‍රධාන පියතුමා වූ ඩෙනිස් අලිස්ටෙර් පියතුමාගේ ප්‍රධානත්වයෙන් මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්විනි. ඊට 200 පමණ පිරිසක් එක් වූහ.
ඔඩ්ඩුසුඩාන් සිවන් කෝවිලේ 200ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් රාත්‍රී 8ට පමණ තායි තමිල් පේරවි සංවිධානය ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
මඩකලපුව තාන්ඩිඅඩි විශේෂ කාර්ය බලකා කඳවුර අසල පුද්ගලික ඉඩමකත් මහවිරු සැමරුමක් සූදානම් කර තිබිණි. දෙමළ ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්රිනේෂන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. එම උත්සවයට එක්වී සිටි පිරිස 200 කි.
මුල්ලයාවේලි LTTE සුසාන භූමියේ මුලතිව් ප්‍රාදේශීය සභා සභාපති කමලනාදන් විජින්ද්රන්ගේ ප්‍රධානත්වයෙන් ඉදිකර තිබූ තොරණ මුල්ලියාවේලි පොලිිසය මගින් ඉවත් කළේය. එහිදි දෙපිරිස අතර බහින් බස් වීමක් සිදු වූයේය. පසුව ගැටුම සමතයකට පත් වී තිබිණි.














