Home Local News Room : නෙස්ලේ ලංකා සමාගමේ විශිෂ්ට තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා...

News Room : නෙස්ලේ ලංකා සමාගමේ විශිෂ්ට තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමේ…

2
0

මහා පරිමාණ නිෂ්පාදන අංශය ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධාන කරන ලද 2020 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස සම්මාන ලැබීමට නෙස්ලේ ලංකා සමාගම සමත්විය. ‘යහපත් ආහාර, යහපත් ජීවිතය’ යන තේමාව යටතේ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, මෙරට අලෙවි කරන සිය නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි සිය කර්මාන්ත ශාලාවේදී නිපදවයි.

‘වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ’ අරමුණ සමග ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මක බවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමා වියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයන්ට සමීප වී ඇත. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්ත ශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්‍රමිතීන් මත නිපදවනු ලබයි. සෑම නිෂ්පාදන අදියරක්ම දැඩි තත්ත්ව පරීක්ෂාවන්ට ලක් කෙරෙන අතර, දේශීය මෙන්ම ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා නීති සහ ප්‍රමිතීන්ට අනුකූල පුළුල් පරීක්ෂණ ද සිදුකෙරේ. සමාගමේ වටිනාකම් දාමයේ සිටින සෙසු පාර්ශ්වකරුවන් වෙත ද නෙස්ලේහි දැඩි තත්ත්ව නියාමන අදාළ වන අතර ඉහළ තත්ත්වය සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගැනීමට අවශ්‍ය සහාය සහ පුහුණුව ද ඔවුන් වෙත පිරිනැමේ. වටිනාකම් දාමය තුළ තත්ත්ව ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගැනීම වෙනුවෙන් නිරන්තර විගණන සිදුකිරීමට ද නෙස්ලේ ලංකා සමාගම ක්‍රියා කරයි.

ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ ආයතනවල තත්ත්ව කළමනාකරණය සහ තත්ත්ව සාධන ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන සම්මාන උළෙලකි. මෙය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අලෙවිකරණ සහ ප්‍රවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ තත්ත්ව ප්‍රමිති පිළිබඳ ජාතික ආයතනයවන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI), ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානයේ ද සාමාජිකත්වය දරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here