සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේ දැඩි විවේචනාත්මක කතාවක් සිදුකළේය.
එහිදී මන්ත්‍රීවරයා ආණ්ඩුවට පමණක් නොව ජාතිවාදය වැපිරූ මාධ්‍යවලටද දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
අද පාර්ලිමේන්තු කථාව ආරම්භ කරන්න කලින් මං කියන්න ඕන ඩයනා ගමගේ කියලා තියෙනවා විපක්ෂ නායකතුමා නුවර ඉඳලා කොළඹට සංචාරකයෝ ගේන්න හදන වෙලාවෙ පාගමනින් එන්න හදනවලු. රට අවුල් කරන්න හදනවලු .එයා ජනාධිපති ගේ ත්රර්ය්ලෝක විජය පත්‍ර එක කූරක් ඇදලා ඇවිල්ලා ද මන්දා . ඒ ඇඩ් එක දැක්කා නං එයා තේරුම් ගන්න ඕන අපි අපේ පක්ෂයේ වාර්ෂික සම්මේලනයට දෙසැම්බර් 11 ලක්ෂ ගානක් සෙනග කොලඹ ට ගේන්න යන්නේ . අපේ පක්ෂයේ හය්ය ජනමතය කොතනද කියලා ජනමතය නැති මේ ආණ්ඩුවට ය්, ජනපතිටයි , ප්‍රාදේශීය සබා මන්ත්‍රීලටයි අපි පෙන්නනව.
මං කැමතියි පටන් ගත්ත මේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයෙන් . රටේ ආර්ථිකය කම්බස්ථාන කරලා දාන ගෝඨාභය කියන උද්දච්ච පාලකයා මේ රටට ආවයින් පස්සේ කරපු එක වැඩසටහනක් තමයි මේ මාර්ග 100000 වැඩසටහන . මේකෙන් කිලෝමීටර් විසිපන්දාහක් ක් වත් හරියට කරලා නෑ. ඉතුරු ඒවටත් ඇඩ්වාන්ස් එකක් දීලා තියනවා සියයට දහයක්.අපි විශ්වාස කරනවා රටක පාරවල් හැදෙන්න ඕන දියුණුවේ ලක්ෂණයක් තමයි ඒක.ඒකෙ ප්‍රශ්නයක් නෑ හැබැයි මේ ඇඩ්වාන්ස් ගෙවපු සල්ලි වලට මොකද උනේ. ඒ කොන්ත්‍රාත් කරුවන් ගෙන් වැඩ ගන්නේ කොහොමද.සම්පූර්ණයෙන්ම මේක කඩා වට්ටලා තියෙනවා එහෙම තියෙද්දී මේක ගෙනාවේ පැහැදිලිවම මාටියා ගහන්න.
මගේ ආසනයේ ලෝල වල් පාර ඔපෙක් රටවල් වල ආධාර වලින් හදන්න පටන් අරගෙන සැලකිය යුතු මට්ටමේ වැඩසටහනක් කරගෙන ගියා. බිලියන තුනක් මට පුළුවන් වුණා වන්දි අරන් දෙන්න පහුගිය ආණ්ඩුවේ. අපි එක්කෙනෙක්වත් බලෙන් එළියට දාලා පාරවල් හැදුවේ නෑ. දැන් ඒකොන්තාත්කරුවන් ගෙනුත් වැඩක් ගන්න බැරි වෙලා තියෙන්නේ. පාර හැමතැනම කැඩිලා පාරේ දූවිලි මිනිස්සුන්ට යන්න බෑ. ජල නලය එලන්නැතුව පාර හදන්න බෑ කිවුවහම තව මිලියන 6500ක් ඔස්ට්‍රියානු රජයේ ආධාර ගෙනල්ලා ඒ දවස්වල සුමාන දෙකෙන් දෙකට ප්‍රගති සමාලෝචනයක් තියලා water board , rda එක්ක කලා. කරන වැඩ වල හැටියට ඒ රටවල් වලට බිල යැව්වහම මාස්පතා සල්ලි එවනවා අද අකාර්යක්ෂම වෙලා තියෙනවා. හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මම මේ ගැන අවස්ථා ගණනකදී ප්‍රශ්න කරනකොට කිව්වා කෝවිඩ් හින්දා සේවකයෝ එන්නේ නෑ. අරක නෑ මේක නෑ කියලා. පිටරටවලින් ලියන ණය නෙමෙයි ආධාර වත් හරියට කළමනාකරණය කරගන්න මේගොල්ලෝ දන්නෑ. මම ඒ පිළිබඳව සභාපතිතුමාට චෝදනා මුඛයෙන් කතා කරන්නේ නැහැ නමුත් මම දන්නවා ප්රශ්නය. කොහොමත් ලබන අවුරුද්ද මේ ආණ්ඩුව පෙරළා යනවා එතකොට මේක හදලා විවෘත කරන්න ඕනේ කියන කාලකන්නි සතුටක් මම ලබන්නේ නැහැ.
පහුගිය ආණ්ඩුවේ කැලණි පාලම ළඟ කුළුණු මතින් යන අධිවේගී මාර්ගය හදන්න අපි ආරම්භ කරා මහින්ද රාජපක්ෂ ගිහිල්ලා එයාගේ වගේ විවෘත්ත කලා. ඒකෙ දෙවැනි පියවර ඔරුගොඩවත්තේ ඉඳලා රාජගිරිය ටත් රාජගිරිය ඉඳලා අතුරුගිරිය ටත්. පුහුණු ආණ්ඩුව කාලයේ කොන්ත්‍රාත්කරුවන් සමාගම් නමයක් එක්ක සාකච්ඡා කරලා shortlist කරමින් හිටියෙ. මේ ආණ්ඩුව ආපු ගමන් ජපානයෙන් හම්බෙච්ච සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කරලා මේක හදනවා කිව්වා. කියලා ලොකු ගානක් ගහන්න තමයි සෙට් වුනේ. නැවත redondo කරලා කරල එක සමාගමක් එක්ක විතරක් කතා කරලා ඒගොල්ලන්ට විතරක් ටෙන්ඩර් එක යන විදිහට විදිහට වැඩ ටික සෙට් කරල. රටට මෙච්චර කෙලවෙලා තියෙන වෙලාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික බෙහෙත් ටික නැතුව ඉන්න වෙලාවේ පාරක් හදන්න ඩොලර් එළියට යවනවද ඩොලර් පිටින් ගෙනල්ලා ඒ හරහා පාර හදනවා ද කියන එක තීරණය කරන්න ඕනේ.
https://fb.watch/h4zVzupY89/