මේ වනවිට පැය දෙකක විදුලි කප්පාදුව හෙට (28) සහ අනිද්දා (29) දෙදින තුළ පැය 02.00යි විනාඩි 20ක් දක්වා දීර්ඝ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ ඳසහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකද අද (27) පස්වරුවේ පැවසීය.
ඒ අනුව A සිට W දක්වා කලාප 20ට දහවල් කාලයේ පැයක්ද, රාත්රී කාලයේ පැයයි විනාඩි 20ක්ද, ලෙස විදුලි කප්පාදුව ක්රියාත්මක කිරීමට අවසර දී තිබේ.
සති කීපයක් පැවැති පැය දෙකක විදුලි කප්පාදුව මේ සමඟ විනාඩි 20කින් වැඩිකර තිබේ.